Header Ads

Breaking News
recent

රාජිකීය විදුහල්පති එලවන්න හදලා.. පොහොට්ටු ලේකම්ට මුරුත්තෙට්ටුවේ හිමිගෙන් දැඩි බැණුම්

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා මැදිහත් වෙමින් ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. උන් වහන්සේ පවසන්නේ සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සහ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා තම විහාරස්ථානයට ගෙනවිත් කරුණු විමසීම කල බවයි.

එහිදී විදුහල්පතිවරයා විසින් ලිඛිත සාක්‍ෂි සහිතව තම කරුණු ඔප්පු කළ බවත් මන්ත්‍රීවරයාගේ චෝදනා කිසිවක් ඔප්පු කරගත නොහැකි බවත් උන් වහන්සේ කීහ.

කරුණු කිසිවක් නොදැන චෝදනා කරන කාරියවසම් මහතා දේශපාලන බලය අතට ගෙන ඒ ආකාරයෙන් කටයුතු කිරීම නිවැරදි නොවන බව ද පැවසූ උන්වහන්සේ ඔවුන් අද එම පුටුවල වෙන්නේ තමන් වහන්සේලා ඇතුළු පිරිස නිසා බවද කියා සිටියහ.


No comments:

Powered by Blogger.