රවිට-ඇලෝසියස්ට අධි චෝදනා ගොනු වෙයි
අල්ලස් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට අද (05) දින මහාධිකරණය ඉදිරියේ අධි චෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.
ඉන් අනතුරුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශගතවීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කෙරිණි.
එම නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාළකවරයාට සහ කටුනායක ගුවන්තොටුපළ වෙත යොමුකරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)
No comments: