Header Ads

Breaking News
recent

ශ‍්‍රී ලංකා රජය ජාතිවාදී.. මුස්ලිම් මෘතදේහ බලහත්කාරයෙන් පුච්චනවා - සුමන්තිරන් විදෙස් මාධ්‍යට කියයි

කොරෝනා භුත දේහ භූමදානය කිරීම ප්‍රතික්ෂේප කරන එකම රට ශ්‍රී ලංකාව පමණක් බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකාව මුල් කාලයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගෝපදේශ අනුගමනය කළ ද කොරෝනා ආසාදිතව මිය ගිය පළමු මුස්ලිම් ජාතිකයාගේ මළසිරුර බලහත්කාරයෙන් ආදාහනය කිරීම මගින් තම මුල් ප්‍රතිපත්තිය වෙනස් කළ බවද ඔහු පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය ආයතනක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා රජය මෙය සිදු කරන්නේ ජාතිවාදී පදනමකින් මිස කිසිදු විද්‍යාත්මක පදනමකින් නොවන බවද ඔහු එහිදී සදහන් කරයි.

තමන් විසින් මේ සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කරන ලද ලද නඩුවක් ප්‍රතික්ෂේප වී ගිය බවද ඔහු කියා සිටී.


No comments:

Powered by Blogger.