Header Ads

Breaking News
recent

කෝටි 140ක වංචාවට ක‍්‍රිකට් විචාරක බ‍්‍රයන් තෝමස් රිමාන්ඩ්

 
ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක ව්‍යාපාර කටයුතු සඳහා ආයෝජනය කරන බව පෙන්වා තවත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් බිලියන 1.4 ක මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බ‍්‍රයන් තෝමස් නමැත්තාව ලබන 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා ඊයේ (11 දා) නියෝග කළේය.

ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා පෙරේදා (10 දා) පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ එම සැකකරුගෙන් ප‍්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව ඊයේ (11 දා) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

No comments:

Powered by Blogger.