Header Ads

Breaking News
recent

ඉන්දීය දුම්රිය එන්ජින් මිලදී ගැනීමෙන් කෝටි 19කට අධික පාඩුවක්... විගණනයෙන් හෙළි වෙයි

දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් 2017 වර්ෂයේදී දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල මිලදී ගැනීමේදී ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර වෙත යොමුවීම නිසා රුපියල් කෝටි 19කට අධික පාඩුවක් (ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක්) සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් සිදුකළ විගණනයකදී අනාවරණය වී ඇත.
 
එම දුම්රිය එන්ජින් මිලදී ගැනීම ස`දහා අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡුා සම්මුති කමිටුවක් පත්කොට තිබුණි. එම කමිටුව විසින් ඇමරිකානු මූල්‍ය පැකේජය යටතේ වූ අශ්වබල 3000ක එන්ජිමෙහි ඇස්තමේන්තුගත මිල හා ඉන්දියානු ණය ආධාර යටතේ එම්/එස් රයිටස් සමාගම විසින් ඉදිරිපත් කළ මිල ස`දහා ශුද්ධ වර්තමාන අගයන් සැසඳීම විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කර තිබුණි.
 
ඒ අනුව ශුද්ධ වර්තමාන අගයන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඇමරිකානු එන්ජින් ඉන්දීය එන්ජින්වලට වඩා ආර්ථික වශයෙන් වඩා ලාභදායී බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කර තිබුණි. නමුත් ඇමරිකානු පැකේජය අත්හැර ඉන්දීය ණය ආධාර යටතේ දුම්රිය එන්ජින් මිලදී ගැනීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක් හෙවත් රුපියල් මිලියන 1,905.23ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වී ඇති බව 2019 වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ ස`දහන් වේ.
 
ඩොලර් ණය ගිවිසුම යටතේ 2017 වර්ෂයේ ජුනි 06 වැනිදා ඉන්දියානු එක්සිම් බැංකුව විසින් දුම්රිය මාර්ග පුනරුත්ථාපන කටයුතු ස`දහා ඩොලර් මිලියන 136ක ණය ප‍්‍රදානයක් සලසා තිබුණි. එහෙත් එම කාර්යය ස`දහා පුමුඛත්වයක් ලබා නොදී තිබූ බවද විගණන වාර්තාවේ ස`දහන් වේ.
 
2018 වර්ෂයේ දත්ත අනුව සේවයේ යෙදිය හැකි දුම්රිය එන්ජින් 111ක් ඇතුළු දුම්රිය එන්ජින් 150ක බලඇණියක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවතුණි. දුම්රිය ධාවනයට අවශ්‍ය අනිකුත් අවශ්‍යතාවල වර්ධනයක් සිදු නොකර පවතින කාලසටහන් අවශ්‍යතාවන්ද සැලකිල්ලට ගත්විට නව දුම්රිය එන්ජින් මිලදී ගැනීම තුළින් එන්ජින් ඇණිය පමණක් වැඩි කිරීමෙන් ධාවන කාර්යසාධනය වැඩි කිරීම දුෂ්කර වී තිබුණි.
 
දුම්රිය දෙපාර්තමේන්තුවට රෝලින් තොග මිලදී ගැනීම ස`දහා ඩොලර් ණය රේඛා ගිවිසුම යටතේ ඩොලර් මිලියන 177ක ප‍්‍රතිපාදනයෙන් එස් 13 බලවේග කට්ටල 06ක් මිලදී ගෙන ඇත. දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉංජිනේරු ඇස්තමේන්තුව ඉක්මවා රුපියල් මිලියන 236.10 ක් වැඩියෙන් වැයකර එම බලවේග කට්ටල මිලදී ගෙන තිබූ බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් ස`දහන් වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල


No comments:

Powered by Blogger.