Header Ads

Breaking News
recent

නාමල්ට-ක්‍රිකට් ආයතනයට එරෙහිව මුරලි නඩු දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙසට ඉල්ලා ලෝක පුජිත පන්දු යවන්නෙකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගතකරණය කිරිම, එහි ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මගින් ඉල්ලා ඇති මුලික කරුණු වේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කර ඇත.

මුත්තයියා මුරලිදරන්ට අමතරව හිටපු ක්‍රීඩකයෙකු වන සිදත් වෙත්තමුණි, 1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලිම සඳහා මුලික අඩිතාලම සැකසු මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, විජය මලලසේකර ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා නම් කරන ලද ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් කටයුතු කරනු ලබයි.


No comments:

Powered by Blogger.