Header Ads

Breaking News
recent

ලංකාව තුළ දේශපාලන කටයුතු ආරම්භ කිරීමට භාරතීය ජනතා පක්ෂයේ සූදානමක් !

ශ්‍රී ලංකාව තුළ ද භාරතීය ජනතා පක්ෂය (BJP) පිහිටුවීමට සැලසුම් කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශ කර තිබේ.

පක්ෂ රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව, ත්‍රිපුර ප්‍රධාන අමාත්‍ය බිප්ලබ් ඩේබ් මහතා අනාවරණය කර ඇත. 

එහි දී අමාත්‍ය අමිත් ශාහා ප්‍රකාශ කර ඇත්තේ, භාරතීය ජනතා පක්ෂයට අවශ්‍ය වූයේ ඉන්දියාවේ සියලු ම ප්‍රාන්ත ජයග්‍රහණය කිරීමෙන් පසු පක්ෂ පිහිටුවා අසල්වැසි රටවල ආණ්ඩු පිහිටුවීමට බවය.

ඒ අනුව, ඉන්දියාවට අසල්වැසි ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ පක්ෂ පිහිටුවීමට ඔවුන් සැලසුම් කර තිබේ.


No comments:

Powered by Blogger.