Header Ads

Breaking News
recent

මරුවා සමඟ පොර බදිමින් සිටි, සමාජ මාධ්‍යම කතා කළ, කොරෝනා වැළඳුනු දොස්තර ගයාන්, දිවියෙන් සමු ගනී

කොරෝනා රෝගයට ගොදුරු වූ තරුණ වෛද්‍යවරයකු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබන බව පසුගිය දිනවල වාර්තාවී තිබුණි.

රාගම මහ රෝහලේ සේවය කළ මේ තරුණ වෛද්‍යවරයා  වෛද්‍ය ගයාන් දන්තනාරායන වන අතර ඔහු අද (02) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වැලඳීම නිසා ඔහුව මීට දින කිහිපයකට පෙර ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුළත් කර තිබුණේ මුල්ලේරියාව රෝහලටය.
 
අනතුරුව ඇතිවූ සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙම වෛද්‍යවරයාව ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් එක්මෝ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කර ඇත්තේ කොරෝනා රෝගය හේතුවෙන් හෘදය හා පෙණහලු අකර්මණ්‍ය වීමෙන් වලක්වා ගැනීම සඳහාය.

දැනට ශ්‍රී  ලංකාවේ කිසිදු රෝහලක නැති මේ ‘එක්මෝ’ යන්ත්‍රය ඇති එකම රෝහල වන්නේද ගාල්ල කරාපිටිය රෝහල වූ අතර එම යන්ත්‍රය මගින් වෛද්‍යවරයාගේ අක්‍රිය වන පෙණහලු හා හෘදයට උත්තේජනයන් ලබා දීම සිදු කරන ලදි.

කෙසේ වෙතත් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් අසමත්වූ බව අද වාර්තා කෙරිණි.
 
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබා චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලැබූ  ගයාන් දන්තනාරායන  රෝගාතුරවන විට රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය.
මෙම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති. මෙම වෛද්‍යවරයා ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටියේය. ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි.
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දී වෛද්‍යවරයෙකු මියගිය ප්‍රථම අවස්ථාව මෙයයි.


No comments:

Powered by Blogger.