විමල්ට බණින්නේ කෙලෙහිගුණ නොදන්න උන්.. විමල් වෙනුවෙන් පෙරට ආ සංඝ රත්නයට හිස නමනවා..
විමල් වීරවංශ මහතා යනු මේ ආණ්ඩුව බිහි කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කළ පුද්ගලයෙකු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
කිසිවකු විසින් හෝ ඔහු අවතක්සේරු කරනවා යනු කෙලෙහිගුණ නැතිකම බවද ඒ මහතා සඳහන් කළේය.
බෞද්ධ රටක කෙළෙහිගුණ නොදන්නා අයට කෙළෙහි ගුණය පාඩම කියා දීම සඳහා මහා සංඝරත්නය පෙරට පැමිණීම ගැන සිරස නමා මහා සංඝරත්නයට ප්‍රණාමය පුද කරන බව ද පැවසීය.
ඇමති විමල් විරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

No comments: