Header Ads

Breaking News
recent

කොරෝනා මරණ භූමදාන කතාවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සීතල යුද්ධයක් – වීඩියෝ සහිතයි

කොරෝනා වැළඳීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ භූමදානය සඳහා අවස්ථාව ලබා දෙන බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබූ ප්‍රකාශ ආණ්ඩුවේම පසුපෙළ මන්ත්‍රීවරුන් යොදා ගනිමින් අවලංගු කිරීමෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඇති සීතල යුද්ධය ප්‍රකාශයට පත්වන බව ජාතික භික්ෂු පෙරමුණ පවසයි.

 ජාතික භික්ෂු පෙරමුණේ ගල්ල දිස්ත්‍රික් ලේකම්, ශාස්ත්‍රවේදී පොල්ගහවිල ඥාණකිත්ති හිමියන් අද (12) ගාල්ලේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මේ බව අනවාරණය කරමින් පවසා සිටියේ ” මේ රටේ පාලකයෝ අතීතයේ ඉදන් ජාතීන් විදියට, ආගම් විදියට මිනිසුන් භේද කරලා තමයි පාලනය කරන්න පටන් ගත්තේ අවශ්‍ය වුනාම ජාතිවාදය පාවිච්චි කරනවා. මෙච්චර කාලයක් අගමැතිතුමාගෙන් අවසර අරගෙනද මිය ගිය මිනිසුන්ගේ අවසන් කටයුතු කළේ. මේකෙන් ආණ්ඩුව ඇතුලේ තිබෙන සීතල යුද්ධය ප්‍රකාශයට පත් වෙනවා. අගමැතිතුමාගේ ප්‍රකාශයක් ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ව යොදා ගනිමින් අවලංගු කරනවා. තාමත් ඇත්ත වුවමනාව වෙනුවෙන් පිළිතුරක් ලැබිලා නැහැ. ආණ්ඩුව සෘජුව තීරණයක් ගන්නේ නැතිව අවශ්‍ය වෙලාවට මතුකරනවා.” යනුවෙන් පැවසීය.

No comments:

Powered by Blogger.