තුනෙන් දෙක ගත්ත හැම ආණ්ඩුවක්ම ඇනගත්තා.. එයට අපද මුහුණ දිය යුතුයි - අලි සබ්රි
තුනෙන් දෙකක බලයක් ලබා ගත් සෑම රජයක්ම වගේ බැලූ බැල්මට ඇනගත් බවත් ඒ යථාර්ථය ද වත්මන් රජය මුහුණ දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරයි.
2/3 බලයක් ලැබූ පමණින් ගැටළු විසඳිය නොහැකි බවත් ඒ වෙනුවෙන් තාර්කික පැහැදිලි සැලසුමක් ඇතිව වැඩ කළ යුතු බවත් ඔහුගේ අදහසයි.
පසුගිය රජයන්වල තුනෙන් දෙක ලැබුන බොහෝ අවස්ථාවල නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට නො හැකි වූ බවද ඒ මහතා පෙන්වා දෙයි.
බලය කළමණාකරන නොගතහොත් අවසානයේ නැවතත් ජනතාවට මුහුණ දිය යුතු බවද ඔහු පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ය.
වීඩියෝව මෙතනින්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)
No comments: