Header Ads

Breaking News
recent

අගමැතිගේ ගැසට් පත‍්‍රය අත්හිටවූයේ ඉහලින් ලද උපදෙසින්.. වැඩි තොරතුරු කියන්න බෑ - ආනයන අපනයන පාලන ජනරාල්

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට තමන් ගත් තීරණයට පසුබිම් වූ කාරණා මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බව ආනයන අපනයන පාලක ජෙනරාල් දමයන්ති එස් කරුණාරත්න මහත්මිය සඳහන් කරන්නීය.

ඇය සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත තමන් මෙම ගැසට් පත්‍රය අත හිටවූ බවයි.

කෙසේ නමුත් එය පැය කිහිපයක් ඇතුලත අත්හිටුවූ නිසා කිසිවකුට ඉන් බලපෑමක් සිදු නොවූ බවද ඇය පවසයි.

ඇය මේ බව කියා සිටියේ සිරස රූපවාහිනිය වෙත අදහස් පල කරමිනි.

කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහළම බලධාරියා වන මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ටයිල් ආනයන තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය එම අමාත්‍යාංශයේ පහළ නිලධාරියෙක් වන ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් අහෝසි කර තිබීම විශේෂත්වයකි.


No comments:

Powered by Blogger.