Header Ads

Breaking News
recent

ක්‍රීඩා සමාජ කෙරුමන්ට අද දවල් කෑම තිලංගගෙන් - මෙන්න යන අය

හිටපු අමාත්‍යවරයකු හා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයකු වූ තිලංග සුමතිපාල මහතා අද (06) ක්‍රිකට් ක්‍රීඩා සමාජවල මෙහෙයුම් නිලධාරීන් පිරිසකට දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඒ මහතාගේ කැම්බල් පෙදෙසේ පිහිටි නිවසේ මේ භෝජන සංග්‍රහය පවත්වන බවද පැවසේ.

කෙසේවුවද, සුමතිපාල මහතාට නීත්‍යානුකූලව ක්‍රිකට් ආයතනයේ තනතුරු සඳහා තරඟ කිරීමට හැකියාවක් නොවන අතර ඒ මහතාට සහය දක්වන පිරිසක් මීළඟ නිලවරණයෙන් ක්‍රිකට් ආයතනයට පත් කර ගැනීමට සැලැසුම් සකස් කිරීමට මේ භෝජන සංග්‍රහය පැවැත්වෙන බවද වාර්තා වේ.

ඒ අනුව මේ භෝජන සංග්‍රහයට ආරාධනා ලැබූ අය අතර වත්මන් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට සහය දක්වන ක්‍රිෂාන්ත කපුවත්ත, අනුර වීරසිංහ, ගිහාන් වීරසිංහ, දීපාල් මධුරප්පෙරුම, ඉමල්ෂ, ජානක පතිරණ හා සුජීව ගොඩලියද්ද යන මහත්වරුන්ද සිටින බව පැවසේ.

ඉදිරි ක්‍රිකට් මැතිවරණයේදී සුමතිපාල මහතාට පක්ෂ පාර්ශවය වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාට සහය දැක්වීමට නම් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කිරීමට සූදානම්වන බවද මේ අතර විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මොහාන් සිල්වා, ජයන්ත ධර්මදාස හා රවීන් වික්‍රමරත්න යන තිදෙනා වෙනුවට සුමතිපාල මහතා නම්කරනු ලබන තිදෙනෙකු ප්‍රධාන තනතුරු සඳහා පත් කිරීම ඒ අතර ප්‍රධාන වන බවද පැවසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා නාමයෝජනා භාර ගැනීම මේ මස 24 වැනිදායින් අවසන් වීමට නියමිතය.

උපුටා ගැනීම : ශ්‍රී ලංකා මිරර් 


No comments:

Powered by Blogger.