update : අතුරුදහන්ව සිටි මීගමු දේශපාලඥයාගේ දියණිය විවාහ වෙලා!
ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව සිටි මීගමුවේ ප්‍රධාන දේශපාලඥයාගේ දියණිය මේවන විට මීගමුව පොලිසිය විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඇය එම තරුණයා සමඟ පැවැති ආදර සම්බන්ධතාවයක් මත ගෙදරින් පැන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේවන විට එම යුවල මීගමුව පොලිසියට ගෙනවිත් ඇති අතර, ඔවුන් විවාහ වී ඇති බවද පැවසේ.
කටාන, හල්පේ, පීටර් සිල්වා මාවතේ පදිංචිව සිට අතුරුදහන් වූ තරුණයා ද මේවන විට නිවසට පැමිණ ඇති අතර ඔහු අදාළ දේශපාලඥයාගේ දියණියගේ විවාහය ලියාපදිංචි කිරීමට සාක්ෂිකරුවකු ලෙස අත්සන් තැබූ අයෙකි.
අදාළ දේශපාලඥයාගේ දියණිය සමඟ විවාහ වී ඇති තරුණයා ද පොහොට්ටු පක්ෂයේ ප්‍රබල සාමාජික පවුලක අයෙක් බව පැවසේ.
මේ අතර පොලිසිය විසින් ඊයේ (13) මේ විවාහය ලියාපදිංචි කළ විවාහ රෙජිස්ටාර්වරයාට ද හිරිහැර කර ඇතැයි වාර්තා වේ.
මේ සිදුවීමේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් බරපතල විවේචන එල්ලවෙමින් තිබෙන අතර, මීගමු පොලිසිය පොලිස් දෙපාර්තමේන්තුවට ද එසේ නොමැති නම් අදාළ දේශපාලන පවුලට අයත් එකක්ද යන්න සැකසහිත බව සිද්ධියෙන් පොලිස් පීඩාවට ලක්වූ අයෙක් කියා සිටියේය.
මේ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් මේ සිද්ධියෙන් ආණ්ඩුවට කැළලක් ඇතිවේ යැයි බියෙන් පසුවන බවද වාර්තා වේ.
srilankamirror


No comments: