Header Ads

Breaking News
recent

සීනි වංචාව, පරිසර විනාශය වැනි වැඩ හේතුවෙන් ජනතාව දැඩි කම්පාවෙන්.. රජය කියන දේවල් පිලිගන්න බෑ - ඇල්ලේ ගුණවංශ හිමි

සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ සීනි බදු වංචාව පිළිබඳව ගැඹුරින් සිතා සත්‍ය හෙළි කිරීමට රජය අපොහොසත් වන්නේ නම් සමාජය තුළ අසත්‍ය ප‍්‍රචාරය වීම වැළැක්විය නොහැකි බව ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ. වත්මන් රජය පත්කිරීමෙන් ජනතාව මෙවැනි දේ කිසිවිටකත් බලාපොරොත්තු නොවූ බවත්, එහෙත් සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධීන් රජයේ ඉදිරි ගමනට හිතකර නොවන බවත් උන්වහන්සේ පැවසූහ.

සීනි වංචාව සම්බන්දයෙන් රජය පවසන දෙය පිළිගත නොහැකි සේම අදාළ වංචාව පිළිබඳව කරුණු පැවසීම වෙනුවෙන් මාධ්‍ය ඉදිරියට පැමිණ කරුණු කියන රජයේ පුද්ගලයන් කෙරෙහි ද ජනතා විශ්වාසයක් නැතැයි ද ගුණවංශ හිමියෝ පැවසූහ.

සීනි වංචාව, වන විනාශය, පරිසර විනාශය ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ජනතාව මේ වනවිට දැඩි කම්පාවට පත්ව සිටින බව ද සඳහන් කළ උන්වහන්සේ රටක ජාතික ධනය සාංඝීක දේපළක් වැනි බව ද කියා සිටියහ.

සීනි ගෙන්වීම හරහා වංචාවක් සිදුව නොමැති නම් ඉන් ජනතාවට වාසියක් අත්විය යුතුව තිබූ බව ද පැවසූ ඇල්ලේ ගුණවංශ හිමියෝ එවැන්නක් ද සිදුව නොමැති නම් මෙය මහා පරිමාණ වංචාවක්ම විය හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළහ.

– divaina


No comments:

Powered by Blogger.