Header Ads

Breaking News
recent

බලය බෙදීම කියලා නැවත බෙදුම්වාදය ගෙනල්ලා අපේ ස්වෛරීත්වය පාවාදෙන්න අපි සූදානම් නෑ - ජනපති

බලය බෙදීම හරහා නැවත මෙරටට බෙදුම්වාදය ගෙන ඒමට බලවත් රටවල් උත්සාහ දරමින් සිටින අතර ඔවුන්ගේ භූ දේශපාලනික වුවමනාවන් ඉටුකරමින් රටේ ස්වෛරීත්වය පාවාදීමට තමන් කිසිසේත්ම සූදානම් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 

"අර පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ හැම පිටුවකම කියන්නෙ ඒ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් දුන්න ප්‍රමුඛත්වය අඩු නිසා, කිසි තැකීමක් නොකළ නිසා තමයි නැවතත් මේ වගේ සිද්ධියක් වුණේ කියන එක. මූලික වශයෙන් ජාතික ආරක්ෂාව කඩාගෙන වැටුණා.
ඊළගට ජාත්‍යන්තරයට ගිහිල්ලා ජිනීවාවලදි යෝජනාවලට සම අනුග්‍රහය දක්වලා අපෙ ස්වෛරීත්වය නිදහස සම්පූර්නයෙන්ම නැතිකරලා දැම්මා. අපි ඉල්ලා අස්වුණා ඒ සම අනුග්‍රහයෙන්. ඒකට ඒගොල්ලන් අපට විරුද්ධව වැඩකරනවා, ඒකට කමක් නෑ. අපිට මුහුන දෙන්න පුළුවන්. අපි නිදහස් රටක්. අපෙ වැඩ අපට කරගන්න පුළුවන්, අපි නොබියව ඒවාට මුහුණ දෙනවා. 

වෙන රටවල්වල අර ඊනියා නව ලිබරල්වාදය පතුරුවන්න එහෙම නැත්නම් මේ ඉන්දියන් සාගරයේ බලවතුන්ගෙ අරගලවලට අපට මැදිහත්වෙන්න අවශ්‍යතාවයක් නෑ. දැන් බලය බෙදීම කියලා මේ නැවත බෙදුම්වාදය ගෙනල්ලා ඒ අයට අවශ්‍ය භූ දේශපාලනික අවශ්‍යතාවයන් ඉටුකරගන්නට අපේ ස්වෛරීත්වය පාවාදෙන්නට අපි සූදානම් නෑ. අපිව බලයට පත්කළේ මේ මූලික දේවල් නැවත හරිමගට යොදවන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (27) මාතර පිටබැද්දර ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහන අමතමිනි. 

No comments:

Powered by Blogger.