Header Ads

Breaking News
recent

කිරින්ද වැලි නිධිය කාටවත් දීලා නෑ. විමල් ව්‍යාජ දේශප්‍රේමයෙන් නූගත් පාක්ෂිකයින් චූන් කරනවා - පතිරණ

කිරින්දේ ඛනිජ වැලි නිධිය සම්බන්ධයෙන් විශේෂඥයින් විසින් සකසන ලද යෝජනාවලි කිහිපයක් ගැන රජය සාකච්ඡා කරමින් පමණක් තිබියදී විමල් වීරවංශ මහතා ව්‍යාජ දේශප්‍රේමී රංගනයක් ඔස්සේ තම පාක්ෂිකයින් චූන් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 

ඒ මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පළකළ සටහන පහතින් දැක්වේ. 

කිරින්ද වැලි නිධිය මේ වන තෙක් කිසිදු සමාගමකට මෙහෙයුම් සඳහා ලබා දී නැත. ඒ පිළිබඳ විශේෂඥයින් විසින් සකසන ලද යෝජනාවලි කිහිපයක් තිබෙන අතර විවිධ අය විවිධ යෝජනා ගැන කතා කරමින් ඇත. විමල් වීරවංශ ඇමතිවරයා එම ස්ථානයට යන්නේ ඒ අතරය.  ඔහු කල්පනා කළේ තම ව්‍යාජ දේශප්‍රේමි සළුව ඇඳ ගැනීමට මෙය නියම අවස්ථාවක් බවයි. ඒ හරහා තම නූගත් පාක්ෂිකයා චූන් කළ හැකිය. එහෙත් සත්‍ය තත්වය ඔහුගේ චූන්වාදයට බොහෝ දුරින් බව නම් කිව යුතුව ති⁣බේ. 

වැලි නිධිය, අදාළ ප්‍රදේශයේ ජනතාවට ද ප්‍රතිලාභ ලැබෙන ලෙස කැනීම් කටයුතු සිදුකර මෙම වැලි අගය එකතු කිරීමක් සහිතව අපනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. එසේ තිබිය දී එම ප්‍රදේශයට ගොස් තම බාල දේශපාලන බංකොළොත්බව බව පෙන්වීමට ඇමතිවරයා කටයුතු කිරීම නම් සැබැවින්ම කණගාටුදායක වේ. 

මේ මොහොතේ ලංකාවේ ටයිල් කර්මාන්තය නැගෙමින් තිබිය දී පිටරටින් ටයිල් ගෙන්වීම හරහා එම දේශීය කර්මාන්තය බිම දැමීමට  කටයුතු  කරන විට නොතිබු දේශප්‍රේමය කිසිදු තීරණයක් තාමත් නැති වැලි නිධිය සම්බන්ධයෙන් මතු වෙන්නේ ඒ හරහා ලොකු කුට්ටියක් ගැනීමට අවශ්‍ය නිසා දැයි සොයා බැලිය යුතුය. මේ අතර තවත් සොයා බැලිය යුතු කරුණක් වන්නේ පුල්මුඩේ ඛණිජ වැලි ඩොලර් 180කට පමණ විකිණිමට රජය විසින් යෝජනා කර තිබිය දී ඒවා ඒවා ඩොලර් 140කට දෙන්නේ කුමන හේතුව නිසා ද යන්නයි.

- මහින්ද පතිරණ

No comments:

Powered by Blogger.