ජනතාවට සහන මල්ලක්.. රුපියල් 1000ට දෙන භාණ්ඩ ලයිස්තුව මෙන්න
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත සතොස අලෙවිසැල් ජාලය හරහා ක්‍රියාත්මක වන “සතොස සහන මල්ල” පිළිබඳ මාධ්‍ය හමුවක් අද දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ගෝලීය වසංගත තත්වයක් පැවතියදී වුවද අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ වත්මන් රජය විසින් මහජනතාව සුරක්ෂිත කිරීමටත්, ගෝලීය වශයෙන් ඉහළ යන භාණ්ඩ මිළ ගණන් යටතේ වුවද ශ්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවට උපරිම අයුරින් සහන සලසමින් කටයුතු කිරීමටත් සියළු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් නව වසර සමරන මේ අවස්ථාවේදී ජනතාවට තවදුරටත් සහන ලබා දීමට රජයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 27ක මිළ අඩු කර පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ ව්‍යාපෘතිය එලෙසම ක්‍රියාත්මක වන අතරතුර මෙම සහන මල්ල ලබා දීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට හැකි වීම තුළින් ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක් රුපියල් දහසක් වැනි මුදලකට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
වෙළෙඳ අමාත්‍යාංශය හා සතොස පිළිබඳව විශ්වාසය පළ කරමින් පාරිභෝගික ජනතාව සතොස හරහා භාණ්ඩ මිළට ගැනීමට කටයුතු කිරීම තුළ මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලද බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
පසුගිය වසර පහක් තුළ මෙරට ආර්ථිකය සීඝ්‍ර කඩාවැටීමකට ලක් කළ යහපාලන ආණ්ඩුව විසින් පැනවූ විවිධ ආකාරයේ බදු වර්ග අඩු කිරීමට වත්මන් රජය විසින් කටයුතු කළ බවත්, කුමන බාධා එල්ල වුවද ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා රට මෙහෙයවමින් මහජනතාවට සහන සැලසීමට මෙවැනි ක්‍රමවේද සැකසීමට ද වත්මන් රජය පසුබට නොවන බව අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කරන ලදී.
ඒ අනුව රතු කැකුළු, සුදු කැකුළු, නාඩු, සුදු සීනි, රතු පරිප්පු, පාන් පිටි, ලුණු, හාල්මැස්සන්, කෑලි මිරිස්, සෝයා මීට්, තේ කොළ, මුහුණු ආවරණ යන භාණ්ඩ වර්ග මෙම සහන මල්ලට ඇතුළත් වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
මාධ්‍ය ඒකකය,
වෙළෙඳ අමාත්‍යාංශය
No comments: