Header Ads

Breaking News
recent

යුද්දෙ කාලේ ළමයින් 11ක් පැහැරගෙන මරලා ගල් ගැට ගහලා මුහුදට දැම්මා: හෙණ ගහනවා -ෆොන්සේකා‌ගෙන් අනාවරණයක් - (video)

කප්පම් ගැනීම සඳහා පාසල් වයසේ දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ව ඝාතනය කර මළසිරුරුවල ගල් බැඳ මුහුදට දැමූ පුද්ගලයින් කණ්ඩායමක් පවා අදාළ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට දේශපාලන පළිගැනීම් කොමිසම විසින් නිර්දේශ කර ඇති බවත් මෙවැනි ක්‍රියාවන් යනු හෙණ ගහන අපරාධ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“මම මතක් කරලා දෙන්න ඕනෙ මාව හිරේට අරගෙන මගේ දරුවො දුටුතැන අල්ලන්න කියලා ලංකාව පුරා පෝස්ටර් ගැහුවා. මගේ දරුවො අවුරුදු පහක් හැංගිලා හිටියා ජීවත් වෙන්න, එවැනි ඉතිහාසයක් මේ රටේ තියෙනවා. මෙම කොමිසමේ සභාපති රට සහ අධිකරණ ක්ෂේත්‍රයේ එතුමා හඳුන්වන්නෙ පිස්සු පූසා කියලා. එයා වාර්තා කරලා තියෙන්නෙ මේ වාර්තාවෙ මේවා අපි දකින්නෙ කැකිල්ලේ නිර්දේශ හැටියට. මෙමගින් නීතිය අතට ගැනීමක් සහ අධිකරණය හෑල්ලු කිරීමක් සිදුව තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා.

ඊළඟට මේ වනවිට ජනාධිපතිතුමා විශේෂිත ජනාධිපති කොමිසමක් පත්කොට ඉහත කොමිසමේ වාර්තාව ගැන නිර්දේශ ඉල්ලලා තිබෙනවා. විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව ඉදිරියට ගන්න පියවර මොනවාද කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ. යහපාලන රජයේ ඇමතිවරුන්ගේ හා දූෂණ විරෝධී කමිටුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකිරීම වැනි දෙයක් පාර්ලිමේන්තුව හරහා සිදුකිරීමට නිර්දේශ ලැබුණොත් එසේ ක්‍රියාත්මක වීම රජයේ අරමුණ වීමට ඉඩ ඇති බව අපි තේරුම්ගෙන තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රජා අයිතිය නැතිකිරීම අපි දකින්නේ නිවට බියගුළු වැඩක් හැටියට.

අපි දැක්කා මේ කොමිසමේ දීලා තියෙන නිර්දේශ අනුව පවතින නඩුවලින් චූදිතයින් නිදහස් කරලා නිදොස් කළා. ඊට පස්සෙ තවත් අවස්ථාවක නිර්දේශ කරනවා දඬුවම් නියම වෙලා ඉන්න අය නිදහස් කරන්න. උදාහරණ හැටියට නඩුවක් තියෙනව පාසල් වියේ හිටපු දරුවො 11 දෙනෙක්. මේගොල්ලො අල්ලං ගිහිල්ලා දෙමව්පියන්ගෙන් කප්පම් ඉල්ලුවා. නාවික හමුදාව මේ වැඩේ කළා කියලා තොරතුරු හෙළිවෙනකොට මේ ළමයි 11 දෙනාව මරලා ගල් ගැටගහලා මුහුදේ දියඹට දැම්මා. එතකොට මේවාගේ වැඩකරලා උසාවියේ නඩුවක් තියෙනකොට ඒ නඩුවෙන් නිදොස්කොට නිදහස් කරන්න කියලා මේ පිස්සු පූසා කොමිසමෙන් නිර්දේශ කරනවා. මේවා සාධාරණ නෑ, මේවා හෙණගහන අපරාධ.

තව නිදහස් කරන්න කියලා තියෙනවා ඇවන්ගාඩ් අධිපති. එයා රජයේ සේවකයෙක්වත් කවුරුවත් නෙවෙයි, එයා කැප්ටන් කෙනෙක් කාලෙ යුද්දෙට බයේ හමුදාවෙන් ගියපු කෙනෙක්. ඊළඟට නිදහස් කරන ලෙස නිදේශ කරලා තියෙනවා මරණීය දණ්ඩනය නියම වී දැනට බන්ධනාගාරයේ වසන දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. ඔහු සමග මට කිසිදු පුද්ගලික ප්‍රශ්නයක් නෑ. ඔහු පුද්ගලිකව ඉතා සුන්දර මිනිහෙක්, මම කතා කරලා තියෙනවා. නමුත් ඒ ක්‍රියාකලාපය අපි අනුමත කරන්නෙ නෑ. රංජන් රාමනායක තින්දුවට පසුව විනිසුරුවරයෙකුට කතා කළායැයි කියලා දුමින්ද සිල්වාව නිදහස් කිරීමට තරම් මේ කොමිසමට පිස්සු තදවෙලා තියෙනවා”

No comments:

Powered by Blogger.