Header Ads

Breaking News
recent

රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක්.. හෝමාගම රෝහලේ ආසාදිතයන් 25%කට ඔක්සිජන් දෙයි..

අද වන විට මෙරට රෝහල් කිහිපයක ඔක්සිජන් හිගයක් ඇති වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මෙවර කොරෝනා වෛරසය පෙර දෙවාරයට වඩා වෙනස් තත්ත්වයක් පෙන්නුම් කරමින් සාමාන්‍ය වාට්ටුවල රඳවා සිටින ආසාදිතයන්ට ද ඔක්සිජින් ලබා දීමට සිදුවී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

හෝමාගම රෝහලේ මේ වන විට රඳවා සිටින කොරෝනා ආසාදිතයන්ගෙන් 25% කට ඔක්සිජන් ලබා දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.