Header Ads

Breaking News
recent

news alert

චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ කොළඹ දක්වා පැමිණීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

ඊයේ (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් සැකකරු ට එවැනි ක්‍රියාවක් තුළින් රටට සිදුවන අපකිර්තීය සුළු කොට තැකිය නොහැකි බවට තරයේ අවවාද කර එම නියෝගය ලබා දී ඇත.

කෙසේවෙතත් තම සේවාදායකයා පොලීසියට සිදුවු අපහසුතාවය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

පසුගිය 27 වනදා රාත්‍රියේ බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

එයට විරෝධය පළ කරමින් පුද්ගලයෙකු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු වසර 10ක පමණ කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වුවෙකි.

No comments:

Powered by Blogger.