Header Ads

Breaking News
recent

කොරෝනා ඉතාම සීඝ්‍රයෙන් භයානක ලෙස පැතිරෙනවා.. වසංගත රෝග අංශය දත්ත සගවනවා.. වහාම සංචරණ සීමා පැනවිය යුතුයි - ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව

කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුල ඉතාමත් සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියා සිටියි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව මේ වන විට විශාල අවදානමක් ඉදිරියේ සිටින බවයි.

මෙම තත්වය යම් තාක් හෝ පාලනය කිරීමට නම් වහාම සංචරණ සීමා පැනවීම කල යුතුම යයිද ඇය කියා සිටී.

දැනට ශ්‍රී ලංකාව සිටින්නේ තුන්නාන රැුල්ල ආරම්භයේ දී පමණක් යැයිද ඇය පෙන්වා දෙයි.

වෛරස් ව්‍යාප්තිය පිළිබඳව නිවැරැදි දත්ත වසංගත රෝග විද්‍යා අංශය විසින් ලබා නොදෙන බවද පවසන ඇය මෙය ඉතා ගැටලුකාරී තත්ත්වයක් යයිද කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.

No comments:

Powered by Blogger.