Header Ads

Breaking News
recent

ඉන්දියානුවන් වසංගතයෙන් පලාවිත් ලංකාවේ නිරෝධායනය වී යුරෝපයට පනින සැලසුමක්.. ශ‍්‍රී ලංකාව අධි අවදානමක

ඉන්දියාවේ කොරෝනා වසංගතය පැතිර යාමත් සමග එරට පුද්ගලයන් ශ්‍රී ලංකාව හරහා යුරෝපයට සංචාරය කරන බවට තොරතුරු හෙළි වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාලයක් සම්පූර්ණ කර යුරෝපා රටවල් වෙත යාම සදහා සංචාර සැලසුම් කරන්නේ තොරතුරු ලැබී ඇති බවයි.

මෙසේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානුවන් හේතුවෙන් මෙරට නිරෝධායන හෝටල් තුළ සේවය කරන සියළුම පිරිස් දැඩි අවදානමකට ලක්ව ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම පිරිස් හරහා ඉන්දියාවේ ව්‍යාප්ත වෛරසය ද මෙරට ඇතුළු වීමට ඉඩ ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එනිසා මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයේ අවධානය වහා යොමු විය යුතු බවද ඔහු මාධ්‍ය අමතමින් කියා සිටියේය.

No comments:

Powered by Blogger.