කරල් 12යි - ගාන රුපියල් 3650යි - කරාපිටියේ දොස්තර කොරෝනා අස්සේ ගාණ කපයි - දොස්තර හැදූ කොරෝනා ඔසුවක් අපි දන්නෙ නෑ- වහා පරීක්‍ෂණ කරන්නගග- කරාපිටිය රෝහල් ප‍්‍රධානීන් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණිලි කරයි
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දුන් බව කියන කොරෝනා වෛරසය සඳහා වූ දේශීය ආහාර අතිරේකය ගැන කිසිවක් නොදන්නා බව එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවද වැඩබලන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප‍්‍රියන්ත ජීවරත්න මහතා සඳහන් කළේය.
කරාපිටිය ශික්ෂණ රෝහලේ නම යොදා ගැනීම සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දීමක් සිදු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ පරීක්ෂණයක් ඉක්මනින්ම සිදුකළ යුතු බවත් පැවසූ ඔහු එවන් ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කළ කර ඇත්දැයි එහිදී හෙළි වනු ඇතැයිද පැවසීය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments: