Header Ads

Breaking News
recent

දැන්වීම් දමාගෙන ඉන්දියානුවන්ට කොරන්ටයින් පැකේජ් දුන් හෝටල්වලට වැඩ වරදී !

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ බව කියන මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. වෙනත් රටවල පුද්ගලයන් මෙරට දී නිරෝධායනයට ලක්කර මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට මේ වනවිට බරපතළ චෝදනාවක් එල්ල වී ඇත.

මේ අතර ඉන්දියාවෙන් පුද්ගලයන් මෙරටට ඇතුළුවීමේ උත්සාහයක් පවතින හෙයින් එය වැළැක්වීම සඳහා රජය උතුරු මුහුදේ නාවික ආරක්ෂාව දැඩි කළ බව නාවික හමුදා මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවද මේ සම්බන්ධයෙන් සෙවිල්ලෙන් පසුවන බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

-mawratanews

No comments:

Powered by Blogger.