Header Ads

Breaking News
recent

"මම කොටියා නම් ඔයා බල්ලෙක්ද? මම දෙමල තමයි... කොටියා ඔය පැත්තේ... ඒ පිල්ලයාන්" - ශානකියන්ගේන් ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක් - (video)

රජය විසින් කොරෝනා පාලනය පසෙක තබා සිය දේශපාලනික වැඩකටයුතු වල නිරත වීම හේතුවෙන් මෙරට කොරෝනා රැලි 3ක්ම නිර්මාණය වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසනවා.

ඊයේ (04) දින පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා කියා සිටියේ පළමු රැල්ල ඇති වූයේ මැතිවරණය නිසා බවත්, දෙවන රැල්ල තමන් 20 වන සංශෝධන රැල්ල ලෙස හඳුන්වන බවත් තෙවන රැල්ල හඳුන්වන්නේ පෝට් සිටි රැල්ල ලෙස බවත් ය.

අද දින කොවිඩ් ගැන කතා කරන්න යැයි පවසා පාර්ලිමේන්තුව රැස් කිරීමේ යටි අරමුණ වන්නේ කොරෝනා අතරතුර පෝට් සිටි පනත හෙට විවාදයට ගැනීම බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දී නොමැති බැවින් හෙටත් කොවිඩ් ගැන කතා කිරීමට යොදා ඇති බවත් ඒ මහතා පවසනවා.

මෙහිදී යම් මන්ත්‍රීවරයෙක් තමන්ට ‘කොටියා’ යැයි පැවසීම කෙරෙහි උරණ වූ රාසමාණික්කම් මන්ත්‍රීවරයා පවසා සිටියේ “මම නෙවෙයි කොටියා. කොටියා ඉන්නේ ඔයාලගෙ පැත්තෙ. පිල්ලෙයාන් කොටියා” යනුවෙනි.

මෙහිදී මුලසුන හෙබවූ මන්ත්‍රීවරයා උපදෙස් දුන්නේ එම කතාවේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට පටහැනි යමක් අන්තර්ගත වේනම් එය හැණ්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

No comments:

Powered by Blogger.