Header Ads

Breaking News
recent

කෙළින් වැඩ කරනවා කී ලොකු සර්… චීනෙට විතරක් නෙමෙයි කැස්බෑවේ ලොකුගේටත් බයයි – උලපනේ සුමංගල හිමි

තුනෙන් දෙකක බලයක් ගෙන කෙළින් වැඩකරන බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට චීනයට පමණක් නොව කැස්බෑවේ ලොකුගේ සීයාටත් බය වී ඇතැයි බව සාධාරණය සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ පූජ්‍ය උලපනේ සුමංගල හිමි පවසයි. පසුගියදා පිළියන්දල සිදුවීමෙන් එය තහවුරු වන බව උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (05) සාධාරණය සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ දී කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

මුව ආවරණයක් නොමැතිව කෙනෙක් සිටියහොත් නිරෝධායන පනතට අනුව දඬුවම් දෙන නමුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝගය මත වසා දමන ලද පිළියන්දල ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාගේ නියෝගයෙන් විවෘත කරන විට පනතට අනුව ඔහුට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක නොවන බව සුමංගල හිමියෝ කියා සිටියහ.

”සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍යයට පැහැදිලිවම කියනවා මේ නගරය විවෘත කිරීමට ගත් තීන්දුව තමන් දැනුම්වත්ව නෙවෙයි වුණේ කියලා. මේ රටට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ශක්තිමත් නායකයෙක් විසින් මේ රට පාලනය කරනවා කියලා පුරසාරම් දොඩපු අයගෙන් අපි අහනවා අඩුම තරමේ ලොකුගේට විරුද්ධවවත් තීන්දුවක් ගන්න හයියක් නැති කොන්දක් නැති පඹයො ද මේ රට පාලනය කරන්නේ කියලා.”

මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක් පත්නොකර සිටින්නේ ද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයාට හිතවත් කෙනෙක් පත්කරගැනීමේ අරමුණ නිසාවෙන් බවද සුමංගල හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

No comments:

Powered by Blogger.