Header Ads

Breaking News
recent

ලංකාවේ කොරෝනා ඉහල යාම බරපතලයි.. සංචරණ සීමා පැනවිය යුතුමයි - ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

ශ්‍රී ලංකාව තුල දෛනිකව කොරෝනා ආසාදිතයන් සීග්‍රයෙන් ඉහල නිසා බැරෑරුම් ව්‍යාප්තියක් ලෙස සලකන ලෙසත් දැඩි සංචරණ සීමා ගැන අවධානය යොමු කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට අවධාරණය කරයි. එම සංවිධානය ශ්‍රී ලංකා නියෝජිතවරිය ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වඩාත්ම අභියෝගාත්මක කාලපරිච්ඡේදය ආසන්නයේම බවයි.

මෙම වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් වෙහෙස නොබලා කටයුතු කිරීම අගය කරන බවද පැවසූ ඇය ජීවිත බේරා ගැනීමටත් වෛරසය පාලනය කිරීමටත් ඕනෑම ආකාරයකින් සහය ලබාදීමට සූදානම් බවද සඳහන් කර තිබේ.

වෛරසය පාලනය කිරීමට එන්නද එකම මෙවලම නොවන බව කී ඇය මේ මොහොතේ වසංගතය පාලනය කිරීමට සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍ය වන බව ද කියා සිටියාය.

No comments:

Powered by Blogger.