Header Ads

Breaking News
recent

ආර්ථික පුනර්ජීවනය බාරගත් නායකයන් කොරෝනා අස්සේ රටින් පැන යනවා..

ආර්ථික පුනර්ජීවනය සහ දුප්පත්කමත් තුරන් කිරීම ඇතුළු රටේ ජනතාවගේ වගකීම භාර දුන් නායකයන් කොරෝනා වසංගතය හමුවේ ජනතාව අතරමං කර දමා විදේශ ගත වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පසුගිය මැතිවරණ කාලවලදී නිරතුරුවම ජනතාව සමඟ සිටි මෙම අය රටට නායකත්වයක් අත්‍යවශ්‍යව ඇති මොහොතක ජනතාව අතරමං කර රටින් පළා යාම ගැන කිසිදු ජනතා ප්‍රසාදයක් හිමි නොවන බවද ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පැන නැගී තිබුණද වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ අයාලේ යන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.

තමන්ට භාරකාරත්වය ලබා දුන් ජනතාව අතරමං කර රටින් පළා යනවා වෙනුවට ජනතාව සමග රැඳී සිට දුක සැප බෙදාගෙන ජනතාව රැක ගන්නා ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී තව දුරටත් පැවසීය

No comments:

Powered by Blogger.