Header Ads

Breaking News
recent

සෑම කොරෝනා මරණයකටම ජනාධිපති වගකිව යුතුයි…

කොරෝනා ආසාදිත වී සිදුවන සෑම මරණයකටම හා සෑම කදුළකටම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව කිවයුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත අනිවාර්යෙන්ම දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්යය සාධක බලකාය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද පවසන මන්ත්‍රීවරයා මේ පිළිබඳව මීට පෙර කටයුතු කළ අනිල් ජාසිංහ, පබා පලිහවඩන, ජයරුවන් බණ්ඩාර වැනි අය එක් කර ගත යුතු බවත් පැවසීය.

අද වන විට මෙරට කොරෝනා මර්දනය තනි දේශපාලන අධිකාරියකට හසුවී ඇති බවටද ඔහු චෝදනා කරයි.

එනිසා වසංගතය පාලනයට විපක්ෂයේ සහාය ගැනීමට නොහැකි නම් අඩුම තරමේ ආණ්ඩුව තුළ සිටින නිසි දේශපාලන නායකයන්ගෙන් යුත් සාමූහික දේශපාලනයක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.

සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Powered by Blogger.