රජයක් හැටියට අපි යුතුකම ඉටු කළා, ඉන්දියාවේ මිනී පුච්චාගන්න බැරුව ඉන්නවා, මෙහේ එහෙම නෑ - රෝහිත
කොවිඩ් මර්දනය සඳහා රජයක් වශයෙන් යුතුකම් සහ වගකීම් ඉටු කර ඇති බවත් ඉන්දියාවේ මළමිනී ආදාහනය කරගත නොහැකි තත්වයක් පැවතියත් ශ්‍රී ලංකාවේ එවන් තත්වයක් නොමැතිය යන්න සාපේක්ෂව බලා තේරුම්ගත යුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
"රජයක් හැටියට යුතුකම වගකීම ඉටු කළා. ඒ කරනකොට අඩුපාඩුකම් තියෙයි. එන්නත විදින්න ගියාම, ඒවගේම නිරෝධායනය කරන පවුල්වලට රුපියල් 5000ක රුපියල් 10000ක බඩුමල්ල බෙදන්න ගියාම, මේ වගේ තැන්වල ප්‍රශ්න ඇතිවෙයි. එන්නත් 1000ක් දෙනකොට 2000ක් ආවාම ප්‍රශ්නයක් මතුවෙනවා. එහෙම නොවී තියෙන්නෙ නෑ සභාපතිතුමනි. හැබැයි අපි රජයක් හැටියට යුතුකම සහ වගකීම ඉටු කළා.
කොහොමද ඉන්දියාවෙ අද තත්වය ? ඔවුන්ගෙ මිනී ටික පුච්චාගන්න ඔවුන්ට ආදාහනාගාර නැති තත්වෙට අද පත්වෙලා. පාර දිගේ මිනී කඳන් ගොඩගැහෙනවා. ඉන්දියාවෙ මැතිවරණ වේදිකාව අපට පේනවා කොවිඩ් පරදවාගෙන ගිහිල්ලා තියෙන තත්වයක්. හැබැයි අපේ රටේ කිරිඇල්ල මන්ත්රීතුමාලා වගේ අයට තාම පුරුදු වෙලා නෑ ඔළුවෙ තියන කෙස් ටික පැහුණත් සාපේක්ෂව බලන්න" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ලක්ෂන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ අදහසකට ප්‍රතිචාර දක්වමිනි.
No comments: