Header Ads

Breaking News
recent

ගුරුවරියකට PCR කරන අතරතුර ලිංගික අතවර කිරීමට තැත්කල PHI අත්අඩංගුවට

අධිකරණයට ඉදිරිපත් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහරින ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් නාලක ජයසූරිය නියෝග කරනු ලැබූ අතර මොහු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරමින් සිටින අතරතුර පාසල් ගුරුවරියකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කළේ සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටි පාසල් ගුරුවරියකට PCR පරීක්ෂණයක් සිදුකිරීමට සැකකරු ඇගේ නිවසට ගොස් ඇති බවත් එහිදී ඔහු ගුරුවරියට ලිංගික අතවර කිරීමට තැත් කළ බවත්ය.

මෙසේ ඇප මත මුදාහැරියේ අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු බවයි පැවසෙන්නේ.

සැකකරුගේ නීතීඥයන් පැවසුවේ මේ චෝදනාව අසත්‍යය බවයි.

 තිසල් තෙන්නකෝන් – සාලියපුර

No comments:

Powered by Blogger.