Header Ads

Breaking News
recent

මාස කිහිපයක් ඇතුළත ඩොලර් සංචිත බිලියන 07 දක්වා ඉහළ යනවා - අජිත් නිවාඩ් කබ්රාල්

විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම පිළිබඳව විවිධ මත පළ කරමින් සිටින අතර අස්ථාවරභාවයක් ඇති වී ඇති බව ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බව දක්නට ඇත.

එම සන්දර්භය තුළ, වඩාත්ම වැදගත් වන්නේ මුදල් ප්‍රවාහය මිස නිශ්චිත වේලාවක සංචිත මට්ටම නොවන බව අවධාරණය කළ යුතුය. 

පළපුරුදු මූල්‍ය කළමනාකරුවන් සංචිත මට්ටමේ තාවකාලික උච්චාවචනයන් සිදුවිය හැකි බව හොඳින් දන්නා බැවින් මුදල් ප්‍රවාහයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවනු ඇත. නමුත් මුදල් ප්‍රවාහය සාර්ථකව කළමනාකරණය කළහොත් කිසිදු අස්ථාවරත්වයක් සිදු නොවනු ඇත.

දැනට පවත්නා සංචිත මෙන්ම අපේක්ෂිත ගලා ඒම් සහ පිටතට ගලායාම් ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම තුළින් සෑම විදේශ විනිමය ණය සහ පොලී ආපසු ගෙවීමක්ම නියමිත වේලාවට සිදු කල හැකි වන පරිදි ශ්‍රී ලංකාව සිය බාහිර මුදල් ප්‍රවාහයන් සකස් කර තිබේ.

මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 3 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

ඉන්දියාව සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 400
බංගලාදේශය සමග සිදු කරන SWAP පහසුකම: ඇ.ඩො.මි 250
චීන සංවර්ධන බැංකුවේ ලැබෙන ණය: ඇ.ඩො.මි. 300
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබීමට විශේෂ අයිතිවාසිකම් ප්‍රදානය (Special Drawing Rights allocation from the IMF): ඇ.ඩො.මි. 800
මහ බැංකුව ඉදිරි මාස 3 තුළ විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගැනීම්:  ඇ.ඩො.මි. 200

දේශීය බැංකු සතු ස්වෛරීත්ව බැඳුම්කරවලින් (ISB) ලැබෙන ගලා ඒම: ඇ.ඩො.මි. 300
ඌන උපයෝජිත වත්කම් උපයෝගී කර ගැනීමෙන් ලබා ගැනීමට අපේක්ෂිත ගලා ඒම්: ඇ.ඩො.මි. 400

ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක SWAP පහසුකමක් සඳහා මහ බැංකුව චීන මහජන බැංකුව සමග එකඟ වී ඇති අතර, එයද සංචිතවල කොටසක් ලෙස ඇතුළත් කළ හැකිය.

මීට අමතරව, වසරේ ඉතිරි කාලය තුළ කල් පිරෙන SLDB සහ FCBU ණය සියල්ලම පාහේ කල් දිගු කිරීමට (roll-over) අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින අතර එවැනි කල් පිරීම් සංචිතය අඩු වීමට හේතු නොවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2021 ජුලි 27 වන දින ISB ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වීමත් සමග වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පිරවීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණකි.

2021 ජූලි 27 වන දින ඇමරිකානු ඩොලර් බිලියනයක ISB ගෙවීමෙන් පසු වත්මන් විදේශ විනිමය සංචිත ශේෂය ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ වන අතර, අපේක්ෂිත ගලා ඒම් සහ පිටතට ගලායාම සලකා බැලීමේදී ඉදිරි මාස කිහිපය තුළ පාවිච්චි කළ හැකි සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇත.


No comments:

Powered by Blogger.