2% මැරෙනවා..බලපිටියෙන් මරණ 2 ක්..කොවිඩ් එක්ක ළමයින්ට බලපාන භයානක රෝගයක් - (video)
කොරෝනා ආරම්භයේ සිට ජාතික ළමා රෝහල තුළ ළමුන් 490ක් පමණ ප්‍රතිකාර ලබාගෙන ඇති බව ජාතික ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.
එමෙන්ම කොරෝනා ආරම්භයේ සිට මේ දක්වා ජාතික ළමා රෝහල තුළ කොරෝනා හේතුවෙන් ළමුන් දස දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි අධ්යක්ෂවරයා පෙන්වා දෙන්නේ.
ඔහු වැඩි දුරටත් පවසන්නේ දෙමව්පියන් එන්නත ලබා ගන්නත් ඔවුන්ගෙන් දරුවන්ට රෝගය වැලඳීමේ අ වදානමක් තිබෙන බැවින් ආ ත්මාර්ථකාමී නොවී දෙමවිපියන් වැඩිහිටියන් තවදුරටත් ප්‍රවේශම් වෙමින් දරුවන් රැක ගන්නා ලෙසටයි.
කොරෝනා ආසාදන සං කූලතා ලෙස කුඩා දරුවන් රෝග ලක්ෂණ නොපෙන්වා සති දෙකක් පමණ ගත වන විට යම් උණ තත්වයක් ඇතිවී ඇස් රතු වී වමනය යාම ආරම්භ වූ වහාම රෝහල් කරා රැගෙන එන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
මෙම සං කූලතා හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ඉදිමීමකට ලක් වීමට ඉඩ ඇති අතර එවැනි ඉදි මීමට ලක්වීම හේතුවෙන් දැනටමත් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් පස් දෙනකු පමණ ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු කියාසිටියා.
මේ සං කූලතාවයන් නිසා ඇතැම් විට දරුවන් මි ය යාමට පවා ඉඩ තිබෙන බැවින් දරුවන් වෙනුවෙන් දෙමව්පියන් සහ වැඩිහිටියන් වඩාත් සැළකිල්ලෙන් කටයුතු කල යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙහිදී පසුගිය දිනවල ඇතිවූ වැඩ වැඩ ව ර්ජනය සම්බන්ධයෙන් ද ළමා රෝහලේ අධ්‍යක්ෂකවරයා අදහස් පළ කළා.
එහිදී ඔහු කියා සිටියේ රාජ්‍ය නිලධාරින් ලෙස මෙම අ ර්බුදකාරී අවස්ථාවේ වඩාත් වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි.
මේ අවස්තාවේ කිසිවකුත් ව ර්ජන ක්‍රියාමාර්ග වෙත යොමු නොවිය යුතු බව සිය පෞද්ගලික මතය බව ඔහු වැඩි දුරටත් මෙහිදී ප්‍රකාශ කර සිටියා.
No comments: