Header Ads

Breaking News
recent

කැටගොඩ ගිය එකෙන් සාගරටත් වාසියක් !

ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූ අතර ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

පත්වීම් ලිපිය ලැබූ නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට සුළු වේලාවකට පසුව සිය ධුරයේ වැඩ භාරගත්තේය.


No comments:

Powered by Blogger.