රාජ්‍ය අමාත්‍යංශ දෙකක සංශෝධන - ශෂේන්ද්‍ර, මොහාන් යළි දිවුරුම් දෙයි !
ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය අමාත්‍යංශ දෙකක කාර්යයන් හා විෂයපථ සංශෝධනය කර තිබිණි. ඒ අනුව අදාල අමාත්‍යංශ දෙකේ රාජ්‍ය අමාත්‍යවරුන් අද යළිත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.
මීට අමතරව මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

No comments: