Header Ads

Breaking News
recent

උතුරු නැගෙනහිර දෙමළ නිජබිම ලෙස පිළිගන්න යෝජනාවක් ඇමරිකා කොංග‍්‍රස් මණ්ඩලයට !

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කලේය.

අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කරපු සංශෝධන පිළිබද අපිට ගැටළුවක් නැ . නමුත් මෙවා සිල්ලර වැඩ. මට පේන විදියට මෙවා ඇස් බැන්දුම් .අධිකරණයට කරන්න තියෙන හානිය ආණ්ඩුව කරලා ඉවරයි. ආණ්ඩුව අරගෙන මාස කිහිපයක් යනකොට 20 වැනි සංශෝධනය සම්මත කරලා අධිකරණය පමණක් නොවේ රටේ සියළු ආයතනයන්හි බලය ජනාධිපතිවරයාගේ අතට ගත්තා .කොහොමද දැන් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබද කතා කරන්නේ? රටේ ජනතාවත් ,ජාත්‍යන්තරයත් බලාපොරොත්තු වන සංශෝධන නෙවේ මෙවා. 19වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක බලතල විමධ්‍යගත කළා .අධිකරණය ,රාජ්‍ය ආයතන ස්වාධීන කළා .නමුත් අද ඒ ස්වාධීනත්වය නැති කරලා බලය එක පුද්ගලයකුගේ අතට අරගෙන ඔබ තුමා කොහොමද කියන්නේ අධිකරණයේ ගුණාත්මකභාවය , ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස පිළිබද? 20 වැනි සංශෝධනය නිසා අපි දේශීය වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් විශාල අපකීර්තියකට පත් වුනා .

පළමු වරට ව්‍යවස්ථාදායක සභාව සංකල්පය ගෙනාවේ චන්ද්‍රිකා මැතිණිය . එතුමිය තමයි 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ. ව්‍යවස්ථාදායක සභාවක් මගින් මේ ආයතන ස්වාධින කරන්න .පස්සේ එක්සත් ජාතික පක්ෂය එය පිළිගත්තත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සියල්ල ආපස්සට හැරෙව්වා .පසුව යහපාලන ආණ්ඩුව 19වැනි සංශෝධනය ගෙනාවත් වත්මන් ආණ්ඩුව නැවත වරක් එය ඉවත් කෙරුවා.

ඇත්ත වශයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු 2ක් වෙන්නත් කලින් ජාත්‍යන්තර සංවිධාන 2ක් අපිට විරුද්දව යෝජනා සම්මත කෙරුවා .එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපිට විරුද්දව යෝජනාවක් සම්මත වුනා. යුරෝපා හවුලේත් අපිට විරුද්දව යෝජනාවක් සම්මත වුනා .ඇමරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේත් යෝජනාවක් තියෙනවා. මොකක්ද ඒ යෝජනාව? ඒ යෝජනාවේ තියෙන්නේ උතුරු නැගෙනහිර පළාත ද්‍රවිඩ ජනතාවගේ නිජභූමිය වශයෙන් පිළිගන්න කියලයි. ඊශ‍්‍රායල් රටත් බිහිවුනේ මෙහෙමයි.

අද අපේ රට විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. ඇමතිතුමා සංශෝධන ගණනාවක් කිව්වා. මම ඇමතිතුමාගෙන් අහන්න කැමතියි යුරෝපා හවුල ඉල්ලන සංශෝධන අද ගෙනාවද? යුරෝපා හවුල අපෙන් සංශෝධන බලාපොරොත්තු වුනා .

01. රැදවුම් නියෝගයක් යටතේ කෙනෙකු අත්අඩංගුවට ගත්තාම මාස 18ක් තියා ගන්න පුළුවන් .මේ අය කියන්නේ මාස 1කට මේක අඩු කරන්න කියලා .
02. අත්අඩංගුවට ගැනීමකට පසු පැය 48ක් ඇතුලත විනිශ්චයකාරවරයකු ඉදිරියට ඉදිරිපත් කරන්න .
03. පොලීසියට දෙන පාපොච්චාරණ පිළිබද ගැටළුවක් තිබෙනවා එම නිසා විනිශ්චයකාරවරයකුු ඉදිරියේ පාපොච්චාරණ ලබා දීම.

මේ කරුණු තුන අධිකරණ අමාත්‍යතුමා පිළිගන්නවද? මෙතුමා උගුරට හොරා බෙහෙත් ගන්න හදනවා .

ඇයි මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ නැත්තේ? ජාත්‍යන්තර ප‍්‍රජාව බලාපොරොත්තුවෙන් හිටියේ මේවා. එදා කබ්රාල් මැතිතුමා කිව්වා යුරෝපා හවුල ඉල්ලන සංශෝධන අපේ රටේ ස්වෛරීභාවයට බලපානවා කියලා. මේ ඉල්ලන දේවල් ස්වෛරීභාවයට බලපානවාද? රටේ ජනතාවත් ඉල්ලන දෙයක් මේ. ශානි අබේසේකරව අත්අඩංගුවට අරගෙන මාස 9 ක් තියා ගත්තා .අවසානයේදි ඇපල් අධිකරණයට ගියාම අධිකරණය කිව්වා මේ නඩුව ගොතාපු නඩුවක් කියලා. ඉතින් මොකක්ද තමුන්නාන්සේලා කතා කරන ගුණාත්මකභාවය? මේ රටේ ජනතාව ඉල්ලන්නේ ගුණාත්මකභාවය. 19වැනි සංශෝධනය යටතේ අපි ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන කෙරුවා .එම නිසා තමයි එදා මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියාට පස්සේ අපි අධිකරණයට ගියාම අධිකරණය කිව්වා එම තිරණය වැරදියි කියලා . මොකද අධිකරණයට ස්වාධීනත්වය තිබුනා එදා . විධායක ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවට එවන නමක් ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබුනා. නමුත් අද එහෙම පුළුවන්ද? අද විධායක ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක සභාවට එවන සෑම නමක්ම සභාව පිළිගන්න ඕන. අධිකරණ අමාත්‍යතුමාගෙන් මම අහන්න කැමතියි මොකක්ද ඔබතුමා කියන ස්වාධීනත්වය ?

සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියට අපි ගිහින් කියන්නේ මොනවාද? මේ වගේ සිල්ලර සංශෝධන නෙවේ අපේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. යුක්තියේ ගුණාත්මකභාවය අද අපේ රටේ තියෙනවාද? අපි අධිකරණ අමාත්‍යතුමාගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා .

GSP+ සහනය ලබා ගන්න ආණ්ඩුව මොනවද කරන්නේ? අපේ කාලයේ අපි GSP+ සහනය ලබා ගත්තා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ GSP+ සහනය නැති කර ගත්තා. යහපාලන ආණ්ඩුවේ අරමුණු පිළිබද ජාත්‍යන්තරයට විශ්වාසයක් තිබුන නිසයි අපේ කාලයේ GSP+ සහනය ජාත්‍යන්තරයත් සමග සාකච්ඡ කරලා ලබා ගන්න පුළුවන් වුනේ. මම නැවතත් කියනවා අපේ රටේ ආර්ථිකය බේරා ගන්න. මේ ඇස්බැන්දුම්, සිල්ලර සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන්න එපා.

– මාධ්‍ය ඒකකය


No comments:

Powered by Blogger.