"අමිහිරි දේවල් කරන්න වෙයි" - ඇමතිකම ගත් සැණින් බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක් - (video)
නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපකෂ මහතා අද (08) උදෑසන සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා.
ඒ මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේ දී.
වැඩ භාර ගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට සිටියේ තමාගේ මෙන්ම රජයේ ද ප්‍රමුඛතාව වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවන් බව යි.
ඇමතිවරයෙකුට වඩා සගයෙකු ලෙස තමා වැඩකටයුතු කිරීමට සූදානම් බව යි ඔහු එහි දී පවසා සිටියේ.
මෙය දැඩි අසීරු කාර්යයක් බවත් සියළු දෙනා එක්ව එම අභියෝගය ජයගත යුතු බවත් ඔහු අවධාරණය කළා.
පවතින ගැටළුව කුමක්ද යන්න පිළිබඳව සහ ජනතාවගේ ප්‍රමුඛතාවන් කවරේ ද යන්න පිළිබඳව තමන්ටත් රජයටත් අවබෝදයක් ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් ඇතැම් අමිහිරි දෑ කරන්නට සිදුවේවි යැයි ද ඔහු පවසා සිටියා.
එහෙත් ඒ සියළු දෑ සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් බව ද ඔහු සිහිපත් කළා.

No comments: