Header Ads

Breaking News
recent

කොළඹ ඓතිහාසික සලකුණක් වූ කොම්පඤ්ඤවීදියේ සොයිසා ගොඩනැගිල්ල කුඩු කරන්නට තීන්දුයි

කොළඹ නගරයේ අතිශය වැදගත් ඓහාසික භූ සලකුණක් මෙන්ම වැදගත් වාස්තු උරුමයක් වූ කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි වසර 150ක් පැරණි සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ විසූ ධනවත්ම ලාංකිකයා මෙන්ම ගෞරවණීය ධානපතියා ද වූ ශ්‍රීමත් චාල්ස් හෙන්ඩ්‍රි ද සොයිසා විසින් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබිණි.

පුරාවිද්‍යාත්මක අතින් මෙන්ම වාස්තු විද්‍යාත්මක අතින් අතිශයින් වැදගත් වූ මෙම වාස්තු උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක් නොවීම නිසා එය කඩා ඉවත් කිරීම වෙනුවෙන් පුරාවිද්‍යා ආඥාපනත ප්‍රකාරව බරපතල මැදිහත් වීමක් කළ නොහැකි තත්වයක් ඇති වී තිබේ.

අගමැතිවරයා යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත්   මෙම වාස්තු උරුමය මීට පෙර අවස්ථා ගණනක දී කඩා ඉවත් කිරීමට සූදානම් වුවද එහි ඇති වටිනාකම පහදා දී ආරක්ෂා කරගත හැකිව තිබුණු බවත් මීට වසර තුනකට පමන පෙර සිට මේ ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැටසට් කරන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සාධනීය ඉල්ලීම් එකක්වත් ඉටු නොවුනේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැක සහිත උදාසීනකම නිසා බවත් තතු දත් ආරංචි මාර්ග පවසයි.

මෙම භූමිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ ටාටා ඉදිකිරීම් සමාගමට පවරා තිබුණේ වත්මන් ජනාධිපතිවයා නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියාව සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ දී ය. මේ භූමියේ පිහිට ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක්   යහපාලන ආණ්ඩුව වකවානුවේ දී එක් රැයකින් කඩා විනාශ කර දැම්මේය.

මෙම ව්‍යාපෘතියේ දේශීය උපදේශන ආයතනය ලෙස කටයුතු කරන ආයතනය විසින් මෙම පුරාණ ඉදිකිරීම්වල වැදගත්කම පිළිබද නිසි තක්සේරුවක් නොකිරීම, අවස්ථා ගණනාවක දී දැඩි ලෙස තර්ජනයට ලක් වූ මෙම පෞරාණික ගොඩනැගිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම මෙන්ම මේ වනවිට අගමැතිවරයා යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරිය ඉන්දීය කොන්ත්‍රාත් කරුවන්ට එය කඩා ඉවත් කිරීමට ඉඩ සලසා දීම නිසා මෙම අතීත ස්මාරකය මතකයක් පමණක් වීමට නියමිතව ඇත.

මෙම ගොඩනැගිල්ලේ වත්මන් හිමිකරුවන චාල්ස් හෙන්ඩ්‍රි ද සොයිසාගේ මුණුපුරු රනිල්ද සොයිසා වරක් අතිශය කම්පිත ස්වරයෙන් මාධ්‍ය අමතා කියා තිබුණේ මේ සිදුවන්නේ තමන්ට පුද්ගලිකව සිදුවන දෙයක් නොව රටටම සිදුවන ඛේදජනක පාඩුවක් බවය.

අවුරුදු 150ක් පැරණි ගොඩනැගිල්ල දේශපාලන හේතු මත පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් නොවුණු බව පැවසූ ඔහු අවසාන වශයෙන් කියා තිබුණේ මෙය බ්‍රිතාන්‍ය ගොඩනැගිල්ලක් නොව, ශ්‍රේෂ්ඨ ලාංකිකයෙක් තමාගේ මුදලින් ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ලක් බවය.

-lankasara


No comments:

Powered by Blogger.