Header Ads

Breaking News
recent

ගෙවීම් ප‍්‍රශ්නයක්… ලංකාවට ආ තෙල් නැවක් නැංගුරම් දමයි.. තෙල් සංස්ථාව ඩොලර් හිගයක !

ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන එන ලද නෞකාවක් එම ඉන්ධන වෙනුවෙන් සිදු කළ යුතු ගෙවීම් පිළිබඳ ගැන මතු වූ ගැටලුවක් නිසා කොළඹ වරායේ දින කිහිපයක් තිස්සේ නැංගුරම් ලාගෙන ඇතැයි වාර්තා වෙයි. තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ඉන්ධන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45 ක පමණ මුදලක් ගෙවිය යුතු බවයි.

ඉකුත් ජූලි මස 05 වන දා මෙරටට පැමිණ ඇති නෞකාවට ගෙවීම පිළිබඳව සහතිකයක් ලැබී ඇත්තේ ඊයේ පස්වරුවේ දී ය.

මෙ වන විට ශ්‍රී ලංකාව ඉන්ධන වෙනුවෙන් ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදලක් ගෙවිය යුතුව ඇති අතර එම ගෙවීම් සිදු කළ යුතු කාලය ආසන්න වී ඇත.

පවතින තත්වය මත තෙල් සංස්ථාව මේ දිනවල විදේශ මුදල් උපයා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී තිබේ.


No comments:

Powered by Blogger.