සියළු ජනතාවට කොරෝනා එන්නත් දීම මුදල් නාස්තියක් - තිස්ස විතාරණ
මෙරට සියළු ජනතාවට කොරෝනා එන්නත් ලබාදීමේ අවශ්‍යතාවයක් නැති බව වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.
වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට පමණක් එන්නත ලබාදීමට ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.
මෙම වෛරසයෙන් 80% වැඩි පිරිසකට බලපෑම ඉතාම අඩු බවත් එය සෙම්ප්‍රතිශ්‍යව හැදීමෙන් ඇතිවන තත්ත්වයට සමාන බවත් ඔහු පෙන්වා දෙයි.
80% ක් දෙනාට ප්‍රතිශක්තියට ඉබේම හට ගන්නා බවද පැවසූ ඒ මහතා සියලු දෙනාටම එන්නත් ලබා දීම මුදල් නාස්තියක් යැයි ද කියා සිටියේය.
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ ඉතාම අඩු අගයක යයිද ඔහු තවදුරටත් පැවසීය.
No comments: