Header Ads

Breaking News
recent

100ට අඩුවෙන් ගෙනා සීනි විකුණන්නේ 240ට... හෙණ ගහන අපරාධයක්! එල්ලලා මරන්න ඕන... ආණ්ඩුවේ මන්ත්‍රී හතරවටේටම නෙළයි

රුපියල් 100ට අඩුවෙන් ලංකාවට රැගෙන ආ සීනි මේ වනවිට රුපියල් 240ක මිලකට විකිණෙන බවත්, ඇතැම් ව්‍යාපාරිකයන් එකවර මේ හරහා බිලියන ගණනින් ලාබ ඉපයීමට කටයුතු කරන බවත්, මෙය හෙණගහන අපරාධයක් යැයි ජනතාව කියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

අද පැවැති මාධ්‍යය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ මෙම ව්‍යාපාරිකයන්ට රජ කාලේ දඩුවම් ලබා දිය යුතු බවත්, ඔවුන් එල්ලා මැරිය යුතු බවට යෝජනා කළ යුතු බවත්ය.

වහාම මීට එරෙහිව දැඩි නීති ‌රැගෙන ආ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවද තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් දැකගන්නට ලැබෙන බවද මන්ත්‍රීවරයා කීය.


No comments:

Powered by Blogger.