Header Ads

Breaking News
recent

ජයරුවන්ට කට වරදී! රහස් පොලිසියට කැදවයි!

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.

දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකාවේ දැනට භාවිත තයිරොක්සින් ඖෂධය දැනට ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා වාර්ෂිකව රු මිලියන 500 පමණ වැය වේ.

ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස නිසි පත් කිරීමකින් තොරව කටයතු කල අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා සභාපතිධුරයට පත් කළේය.


No comments:

Powered by Blogger.