Header Ads

Breaking News
recent

ශෂීන්ද්‍රට එරෙහිව මහින්දානන්ද තීන්දුවක් ගනී!

චීන සමාගමකින් මෙරටට රැගෙනවිත් තිබෙන කාබනික පොහොර තොගයක් සහිත නෞකාව රට තුළට ඇතුළු කරන්න නොගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

එමෙන්ම එම තොගයේ සාම්පල් නැවත පරික්ෂා කරන්නේ නැති බවත් ඒ සඳහා ගෙවීම් සිදුකරන්නේද නැති බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් ගිවිසුමට අනුව නැවතත් මෙරට නිර්ණායක අනුව පොහොර ගෙන ආවොත් භාරගන්නා බවත් භාරගෙන මුදල් ගෙවන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් පෙර දින රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙම පොහොර නැව යළිත් පරීක්ෂා කිරීමකට එකගතාව පළ කළ බවකි.


No comments:

Powered by Blogger.