Header Ads

Breaking News
recent

වර්ජන කරලා හමාරයි... වරාය-ඉන්ධන අත්‍යවශ්‍ය සේවා වෙයි... අතිවිශේෂ ගැසට් එක නිකුත් වෙයි!

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම සේවාවන්ට අදාළ රාජ්‍ය සංස්ථා, රජයේ දෙපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සහ රාජ්‍ය බැංකු ආදිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇත.

වරාය අධිකාරියට අදාළ සේවාවන් හා නැව්වලින් ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය, ගොඩබෑමට අදාළ සියලුම සේවාවන්, පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුලු සියලුම ඉන්ධන සැපයුම් හා බෙදාහැරීමේ කටයුතු, දුම්රිය භාණ්ඩ ප්‍රවාහන කටයුතු සහ ගමනාගමන මණ්ඩලය මගින් සිදුකරන පොදු ප්‍රවාහන සේවාවන් ද මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන්ට ඇතුළත් කර තිබේ.


No comments:

Powered by Blogger.