Header Ads

Breaking News
recent

මෙරට ප්‍රථම වැලි කඳු ධාවන පථය විවෘත කරයි.. නාමල්-ප්‍රසන්න ත‍්‍රාසජනක ධාවනයේ - (PHOTOS)

කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.එහි සමාරම්භක අවස්ථාවට සහභාගී වූ නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරු මෙම ATV වාහන මෙම වැලි කඳු සහිත මාර්ගය ඔස්සේ ධාවනය කලේය.

මෙරට මුල්ම  ATV ධාවන පථය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ බුත්පිටිය මාළිගාතැන්න ප්‍රදේශයේ මෙම ධාවන පථය පිහිටා තිබේ. එය කළුගල් කඳු අතර සැකසුනෙකි. අද කොළඹ වරාය නගරයේ විවෘත කෙරුණු වැලි කඳු මත ධාවනය කෙරෙන  ATV ධාවන පථය මෙරට බිහිවුනු වැලි කඳු මත ධාවනය කෙරෙන ප්‍රථම ධාවන පථය වේ.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය ප්‍රකාශය තුල ද මෙවැනි ත්‍රාසජනක ක්‍රීඩා සහිත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන බව සඳහන් වේ. මෙය ඒ සඳහා මූලාරම්භයක් බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කලේය.

– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Powered by Blogger.