Header Ads

Breaking News
recent

එහෙන් ඔමික්‍රෝන් එබිකම් කරනවා මෙහෙන් සෞඛ්‍යයට වෙන්කරන මුදල් බිලියන 67 කින් අඩු කරනවා ! (Video)

මෙතෙක් හමු වූ භයානකම කොවිඩ් ප්‍රභේදය පසුගියදා දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතා භයානක අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය, දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා. මෙම ප්‍රභේදය ජාත්‍යන්තරව ව්‍යාප්තවීමට ඉඩ ඇති බවත්, පෙර නොවූ විරූ විකෘති ප්‍රමාණයක් තිබෙන බැවින් උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇති බවද සේනාරත්න මහතා සඳහන් කරනවා.

එවැනි භයානක අනතුරක් තිබියදී ලබන වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර ඇති මුදල් ප්‍රමාණය, 2021 වසරට සාපේක්ෂව රුපියල් බිලියන 67 කින් අඩුකර ඇති බවයි රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ. මෙම වසරේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 301.3 ක් වෙන්කර තිබූ අතර ලබන වසර සඳහා එම මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 237.738 ක් දක්වා අඩුකර ඇති බවයි හිටපු ඇමතිවරයා සඳහන් කරන්නේ.

ඖෂධ සඳහා පසුගිය රජය සමයේදී ක්‍රියාත්මක කළ මිල පාලනය මේ වනවිට ක්‍රියාත්මක නොවන බවත්, රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ පවා දරාගත නොහැකි මට්ටමට මිල ඉහළ ගොස් ඇති බවත් සේනාරත්න මහතා පවසනවා. ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ දැඩි හිගයක්ද පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේ තිබියදී ඉදිරි වසරේ ඖෂධ සඳහා වෙන්කළ මුදල් ප්‍රමාණය මෙම වසර සාපේක්ෂව 50% කින් අඩුකර ඇති බවද රාජිත සේනාරත්න මහතා පවසනවා.

No comments:

Powered by Blogger.