Header Ads

Breaking News
recent

මහා පරාක්‍රමබාහුට පසු රට ස්වයංපෝෂිත කලේ මමයි.. රටක් සංවර්ධනය කරන්න ඉඩම් විදේශිකයන්ට විකිණිය යුතුයි.. (video)

පරාක්‍රමබාහු රජතුමා ට පසුව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මෙරට යළි “සහලින් ” ස්වයං පෝෂිත කරේ තමන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

නමුත් පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ මහතා ළඟට ජේෂ්ඨයා වන තමන් අද පසුපෙළ පසුපෙළ මන්ත්‍රීවරයෙකු ලෙස කළ කිරීමෙන් සහ දුකෙන් කාලය ගෙවෙන බවත් දිසානායක මහතා කියා සිටී.

වර්තමාන ආණ්ඩුව යටතේ රටේ ආර්ථිකය ඉදිරියට නොයමින් අද එකතැන පල් වෙමින් පවතින බවත් රටේ ජනතාව අද වර්තමාන ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් පසුවන බවත් එ් මහතා සදහන් කරයි.

පාස්කු බෝම්බ ප්‍රහාරයට රිෂාඩ් බදුර්දීන්ට සහ හිස්බුල්ලාට පැහැදිලි සම්බන්ධකම් පවතින බවට ශාක්ෂි සහිතව තමන් දිගින් දිගටම තොරතුරු අනාවරණය කළත් ඇතමුන්ට ඔවුන් සමග තිබෙන දේශපාලන ඩීල් නිසාවෙන් නීතිය ක්‍රියාත්මක නොවන දිසානායක ෙහළිදරවු කරයි.

රටක් සංවර්ධනය කිරීමට නම් රටේ ඉඩම් විදෙස් ආයෝජකයන්ට මුදලට අලෙවි කළ යුතු බවත් සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල් අද දියුණු වී ඇත්තේ එම රටවල ඉඩම් විදෙස් ආයෝජකයන්ට අලෙවි කොට ඔවුන්ට ආයෝජනය කිරීමට අවස්ථාව ලබා දීමෙන් බවත් එස් බී දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔහු ෙමම අදහස් පල කරන්ෙන් අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්ෙවමිනි.

No comments:

Powered by Blogger.