Header Ads

Breaking News
recent

ඔමික්‍රොන් අතිභයානකයි! දැන් ඉඳන්ම සූදානම් වෙන්න! WHO කලින්ම අනතුරු අඟවයි!

ඔමික්‍රොන් කොරෝනා වෛරස් ප්‍රභේදය ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්ත වෙමින් කොරෝනා වසංගතය උත්සන්න කිරීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

ඔමික්‍රොන් ප්‍රභේදය ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

මේ නිසා විශේෂයෙන් ප්‍රමුඛතා කණ්ඩායම් ඉලක්ක කරගෙන එන්නත්කරණ වැඩසටහන් වේගවත් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සාමාජික රටවල් 194න් ඉල්ලා සිටි අතර එහිදී අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් පවත්වා ගැනීමේ සැලසුම් සකස් කළ යුතු බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේය.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ අසාමාන්‍ය ලෙස ආසාදනය උත්සන්න කරන විකෘතිතා පැවතීම ගෝලීය වසංගතය ඉහළ නැංවීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව නව ප්‍රභේදයේ සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බව එහි නිගමනයයි.

කෙසේ නමුත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණ ප්‍රතිශක්තිය මග හැරීම පිළිබද අධ්‍යයනය කිරීමට තවත් කාලය අවශ්‍ය අතර ඉදිරි සති කිහිපය තුළ එම දත්ත ලැබෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා පළ කොට ඇත.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය එන්නත්කරණය ලැබූ පුද්ගලයින්ට ආසාදනය වීමේ හැකියාව පිළිබදව මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.


No comments:

Powered by Blogger.