Header Ads

Breaking News
recent

කෑම ගන්න අපිට උදව් කරන්න! බන්දුල ඉන්දියාවෙන් පාකිස්තානෙන් ඉල්ලයි!

ඉදිරියේ දී රට තුළ සාගතයක් ඇති විය හැකි බවට මේ වන විටත් විවිධ පාර්ශ්ව විසින් අනතුරු හගවා තිබීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ණය ඉල්ලා ඇති බව වාර්තා වේ.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාල රටවල වෙළද අමාත්‍යවරුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා අරඹා ඇති බව ද දැනගන්නට ඇත.

ශ‍්‍රී ලංකාව වැඩි වශයෙන්ම සහල්, ලොකු ළුෑණු සහ අර්තාපල් වැනි භාණ්ඩ මිලදීගනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානයෙනි.

මෙම රටවල් ද ණය පහසුකම් යටතේ ශ‍්‍රී ලංකාවෙන් භාණ්ඩ ලබා ගන්නා බවත්, එබැවින් ඔවුන්ගෙන් ණය පහසුකම් මත භාණ්ඩ ලබා ගැනීම සාමාන්‍ය දෙයක් බවත්, වෙළද අමාත්‍යංශයේ ලේකම්වරිය භද්‍රානී ජයවර්ධන මහත්මිය පවසා තිබේ.

No comments:

Powered by Blogger.